අපස්මාරය

අපස්මාරයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ නිතර නිතර වලිප්පුව ඇති වීමයි. මේවා නම් මොළයේ ක්‍රියාකාරීත්වයට තාවකාලිකව බලපාන මොළයේ ඇතිවන ක්ෂණික විද්‍යුත් ක්‍රියාවලින්ය. මොළයේ බලපා ඇති කොටස අනුව, වලිප්පුව මිනිසුන්ට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කරයි. සමහරඅවස්ථාවලදී වලිප්පුව මගින් ශරීරයේ සෙලවීම හා ගැස්සීම(ෆිට් එක) ඇතිවීමද, අනෙකුත් අවස්ථාවලදී අවධානය නොමැති වීම හෝ අසාමාන්‍ය දැනීම් ඇතිවීම වැනි ප්‍රශ්න ඇති කරයි. මෙය සාමාන්‍යයෙන් තත්පර හෝ මිනිත්තු කිහිපයකින් නැතිවී යයි. වලිප්පුව නින්දේදී හෝ ඔබ අවදිව සිටින විට ඇති විය හැක. සමහර අවස්ථාවලදී අධික ලෙස වෙහෙසට පත් වීම වැනි දෑ මගින් ඒවා ඇති විය හැක.

වලිප්පුවෙහි ආකාර

සරල අර්ධ (නාභීය) simple partial (focal) හෝ ඕරා (aura) යන වලිප්පු තත්ත්වය සරල අර්ධ(නාභීය) වලිප්පුව තත්ත්ව මගින් ඇතිවිය හැක්කේ:

  • විස්තර කිරීමට අපහසු අමුතු හැගීමක් ඇති වීම
  • උදරයේ පෙරලෙන හැගීමක් ඇති වීම -කතුරු ඔන්චිල්ලාවක ගමන් කිරීමේදී උදරයේ ඇතිවන හැගීම වැනි හැගීමක්
  • සමහර අවස්ථාවලදී කලින් සිදු වී ඇති බවට හැගීමක්(dejavu)
  • අසාමාන්‍ය සුවඳ හෝ රස
  • ඔබේ අත් හා කකුල් වල හිරි වැටීමක්
  • අධික ලෙස බියට හෝ සතුටට පත්වීම
  • අත වැනි ශරීරයේ කොටසක ඇති වන දැඩි බව හෝ නලියන ස්වභාවය

ඔබ මෙය සිදු වන අවස්ථාවලදී එය පිලිබඳ දැනුවත් ව හා අවදියෙන් සිටියි. මෙවැනි වලිප්පුව තත්ත්ව සමහර අවස්ථාවලදී අනතුරු ඇගවීම් හෝ ඖරා (aura) ලෙස සලකනු ලබන්නේ එවා මගින් තවත් වලිප්පුව තත්ත්වයක් ඇති වීම පිලිබඳ ඉගි පල කරන බැවිනි. සංකීර්ණ අර්ධ (නාභීය) වලිප්පුව තත්ත්ව complex partial (focal) seizures මෙම වලිප්පුව තත්ත්වයකදී, ඔබට ඔබගේ වටපිටාව පිලිබඳ අවධානය නොමැති වීම හා ශරීරයේ අහඹු චලනයන් ඇති වීම සිදු වේ. ඒවානම්:

  • තලු ගැසීම(තලු මැරීම)
  • අත් එකට ඇතිල්ලීම
  • අහඹු ශබ්ද ඇති කිරිම
  • ඔබේ අත් එහා මෙහා යැවීම
  • ඇදුම් ඉරා දැමීම හෝ වස්තූන් එහා මෙහා හැසිරවීම
  • සැපීම හෝ ගිලීම

වලිප්පු තත්ත්වය අවස්ථාවේදී ඔබට කිසිවකුටවත් ප්‍රතිචාර දැක්විය නොහැකි අතර ඔබට ඒ පිලිබඳ කිසිදු මතකයක් නොමැති වේ. ටොනික් ක්ලොනික් වලිප්පු තත්ත්වය (Tonic-clonic seizures) මෙය මීට පෙර ග්‍රෑන්ඩ්මාල් (grand mal) ලෙස හැදින්වූ අතර එය මිනිසුන් විසින් පූර්ණ අපස්මාර තත්ත්වය ලෙස සිතනු ලබයි. මෙය අදියර දෙකකින් සිදු වේ.-මූලිකව ඇතිවන ටොනික්(tonic) අවස්ථාවලදී සහ ඉන් සුළු මොහොතකට පසුව දෙවනුව ඇතිවන ක්ලොනික්(clonic) අවස්ථාව:

  1. ටොනික් අදියර (tonic stage)ඔබ සිහිසුන් වීම, ඔබගේ සිරුර දැඩි වීම හා ඔබ පොළොව මත ඇද වැටීම සිදු වේ
  2. **ක්ලොනික් අදියර (clonic stage)>-ඔබේ අත් පා වල අසාමාන්‍ය චලන, ඔබට මුත්‍රා හා මල පහ පිටවීම පාලනය කර ගත නොහැකි වීම, ඔබ දිව හෝ කම්මුල් ඇතුලත සපාකෑම හා ඔබට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම සිදු විය හැක

වලිප්පු තත්ත්වය සාමාන්‍යයෙන් මිනිත්තු කීපයකින් නවතින අතර, සමහර ඒවා දිගු වේලාවක් පවතී. ඉන්පසු ඔබට හිසරදයක් හෝ සිදුවූයේ කුමක්දැයි මතක් කර ගැනීමට අපහසු වීම හෝ මහන්සි ගතියක් දැනීම හෝ ව්‍යාකූල තත්වයක් ඇතිවීම සිදුවිය හැක. ඇබ්සන්සස් -(Absences) යන වලිප්පු තත්ත්වය Absences යන වලිප්පු තත්ත්වය, පෙටිට්මාල් (petitmal) ලෙස හැදි වූ අතර එහිදී ඔබට වටපිටාව පිළිබඳ ඔබේ අවධානය කෙටි කාලයකට නැති වෙයි. එය ප්‍රධාන වශයෙන් කුඩා දරුවන්ට බලපාන අතර ඕනෑම වයසකදී ඇතිවිය හැක. ඇබ්සන්සස් (Abscence) වලිප්පු තත්ත්වයේදී සමහර විට එම පුද්ගලයා:

  • හිස් අවකාශය දෙස බලා බලා සිටියි
  • ඔවුන් දවල් හීන බලන්නාක් මෙන් සිටියි
  • වේගයෙන් ඇසිපිය සලයි
  • ඔවුන්ගේ අත් හෝ පාද වල සුළු අසාමාන්‍ය චලන ඇති වේ

මෙම වලිප්පු තත්ත්වය සාමාන්‍යයෙන් තත්පර පහළොවක් පමණ පවතින අතර ඔබට එම අවස්ථාවන් මතක නැත. ඒවා දිනකට කිහිප වරක් ඇති විය හැක. මයෝක්ලොනික් වලිප්පු තත්ත්වය (myoclonic seizure) මෙහිදී ඔබට විට විදුලි සැර වැදුණු අවස්ථාවක මෙන් ඔබගේ ශරීරයේ කොටසක හෝ මුළු ශරීරයම නලියන හෝ අසාමාන්‍ය චලන ඇති වේ. මේවා බොහෝ විට අවදි වූ විගස ඇතිවේ. මයෝක්ලොනික් (myoclonic)වලිප්පු තත්ත්වයන් සාමාන්‍යයෙන් තත්පර බාගයක් පමණ පවතින නමුත් සමහර අවස්තාවලදී කෙටි කාලයකදී කීපයක් ඇති විය හැක. ඒවායේදී ඔබ සාමාන්‍යයෙන් අවදිව සිටී. ක්ලොනික් (clonic) වලිප්පු තත්ත්වය මේවායේදී ටොනික් ක්ලොනික් වලිප්පු අවස්ථාවලදී මෙන් ශරීරයේ සෙලවීම් හෝ අසාමාන්‍ය චලන ඇතිවීම සිදුවෙයි නමුත් ආරම්භයේදී ඔබේ සිරුර දැඩි වීම සිදු නොවේ. මෙය සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් පවතින අතර ඔබ සිහිසුන් විය හැක. ටොනික් (tonic) වලිප්පු තත්ත්වය මෙමගින් ටොනික් ක්ලොනික් වලිප්පු අවස්ථාවේදී පළමු අදියරේ මෙන් ඔබගේ සියලුම මාංශ පේශි ක්ෂණිකව දැඩි වීම සිදුවේ. මෙහිදී ඔබේ සිරුරේ සමබරතාව ගිලිහී ඔබ ඇද වැටිය හැක. ඒටොනික් (atonic) වලිප්පු තත්ත්වය මෙමගින් ඔබගේ සියලු මාංශපේෂි එකවර ලිහිල් විය හැකි අතර එනිසා ඔබ ඇද වැටිය හැක. ඒවා සාමාන්‍යයෙන් කෙටි වේලාවක් පවතින අතර ඔබට විගස නැවත නැගිටිය හැක. **status epilepticus</(ස්ටේටස් එපිලෙප්ටිකස් ) මෙලෙස හඳුන්වනු ලබන්නේ දිගු වේලාවක් පවතින ඕනෑම වලිප්පු තත්ත්වයක් හෝ එම පුද්ගලයාට අතරතුරේදී සිහිය නොඑන වලිප්පු අවස්ථා මාලාවක් ඇති වීමයි. එය හදිසි අවස්ථාවක් වන අතර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුය.

වලිප්පු ප්‍රේරක(seizure triggers)

අපස්මාරය ඇති බොහෝ පුද්ගලයන්ට, වලිප්පු තත්ත්ව අහඹු ලෙස ඇති වේ. සමහර අවස්ථාවේදී ඒවා ඇතිවීමට හේතුවක් හේතුවක් පැවතිය හැක. ඒවා නම්:

  • මානසික ආතතිය
  • නිසි නින්දක් ලබා නොගැනීම
  • අවදි වීම
  • මත්පැන් පානය
  • සමහර ඖෂධ හා නීති විරෝධී ඖෂධ භාවිතය
  • කාන්තාවන්ගේ මාස් ශුද්ධය
  • සැනෙලි පහන් (මෙය අසාමාන්‍ය ප්‍රේරණයකි)

ඔබට වලිප්පු අවස්ථාවන් සෑදුණේ කවදාද, එයට ප්‍රථම සිදු වූයේ කුමක්ද යන්න සදහන් කොට දිනපොතක් තබා ගතහොත් ඔබට ඒවාට හේතු වූ සාධක හඳුනාගෙන ඒවා වලක්වා ගත හැක.